Sunday 3rd of May 2026

English Tamil
Advertiesment


කමිටු සූදුව නොකර වික්‍රමාරච්චි ආයුර්⁣වේද වෛද්‍ය විද්‍යාලයේ ප්‍රශ්න විසඳනු 


2026-05-03 1288

 

 - විපක්ෂ නායක අවධාරණය කරයි -

 

ගම්පහ වික්‍රමාරච්චි දේශීය ආයුර්⁣වේද විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ පිඨය සහ විද්‍යා හා කළමනාකරණ පීඨයේ යම් අර්බුධ රැසක් ඇති බවත් මේ පාඨමාලා ක්‍රියාත්මක වන ආකාරය මානව හා භෞතික සම්පත් හිඟය ඇතුළු ගැටලු රැසක් ඇති නිසා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාස 13ක් ගියත් විසදුම් නැති බවත් මේ නිසා සිසුන් මානසික පීඩනයට ලක් කර අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට මරු පහරක් එල්ල කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්⁣වේද වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලූ අවස්ථාවේ දීය. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්⁣වේද වෛද්‍ය විද්‍යාලයේ සිසුන් විපක්ෂ නායක කාර්යාලයට පැමිණ මේ ගැටලු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරිපත් කරන ලදී.

තවදුරටත් කල්නොමරා මේවාට විසදුම් අවශ්‍ය බවත් මේ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් සමග සම්බන්ධීකරණය වී ඔවුන්ගේ අදහස් ද ලබා ගෙන විසදුම් ලබා දිය යුතු බවත් සිසුන්ගේ අධ්‍යාපන අයිතිය පලුදු නොකර සිසුන්ගේ අයිතීන්වලට අගතියක් නොවන ආකාරයට කටයුතු කරණ ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ගැටලුවට විසදුම කමිටු සූදුව නොව කඩිනම් විසදුම් ලබා දීම බවත් විධිමත් කාර්යක්ෂම ශක්තිමත් යථාර්ථවාදී සිසු අයිතිය සුරක්ෂා කරන විසදුම් දිය යුතු බවත් මේ සදහා අගමැතිවරිය මැදිහත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Advertiesment